Latestදේශීය

පාතාලය සහ මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කරනවා – පොලිස්පති

පසුගිය සමයේ ක්‍රියාත්මක වූ යුක්තිය මෙහෙයුම යනු බෝඩ් ලෑල්ලක් පමණක් බව වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා සඳහන් කරයි.

එම මෙහෙයුමේ අඩුපාඩු නිවැරදි කරමින් පාතාලය හා මත්ද්‍රව්‍ය මැඩලීමේ විශේෂ ක්‍රියාන්විතයක් ආරම්භ කරන බවද හෙතෙම පැවසීය.

සියලු පොලිස් කොට්‌ඨාසවල වැඩි වශයෙන් නිලධාරින් යුක්තිය මෙහෙයුම සඳහා යොදා තිබූ බවද පවසන ඔහු එම නිලධාරීන් සේවා අවශ්‍යතා මත සුදුසු පොලිස් ස්ථාන වෙත අනුයුක්ත කරමින් වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව සඳහන් කළේය.

ජනාධිපතිවරයාගේ හා රජයේ උපදෙස් මත පාතාලය හා මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් මර්දනය කිරීමෙන් නව වැඩපිළිවෙල ආරම්භ කරන බවද පැවසූ ඔහු මෙම වැඩපිළිවෙල පෙර සිටම පොලිස් ස්ථාන මට්ටමින් ක්‍රියාත්මක වූ බවත් කියා සිටියේය.

බුද්ධි අංශ තොරතුරු ද පදනම් කරගෙන පාතාලය හා මත්ද්‍රව්‍ය මුළුමනින්ම තුරන් කරන බවත් හෙතෙම කියා සිටී.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *