Latestදේශීය

ලක්ෂ 50ක දුම්වැටි අත්අඩංගුවට

රුපියල් පනස් පන් ලක්ෂ විසි දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන විත් , ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන්  මගී කාන්තාවක් අද (30)  අලුයම අත් අඩංගුවට ගැනීමට පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් සමත් වී සිටිති.

ඇය ජා – ඇළ ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි , විදේශ රටවලට ගොස් විවිධ භාණ්ඩ මෙරටට රැගෙන විත් අලෙවි කිරීමේ නිරත වී සිටින ව්‍යාපාරික කාන්තාවකි.

ඇය අද අලුයම 12.00 ට පමණ ඩුබායි සිට එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ.- 648 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි.

ඇය විසින් රැගෙන ආ ගමන් මලු තුළ ” ප්ලැටිනම් ” වර්ගයේ දුම්වැටි 36,800 ක් අඩංගු දුම්වැටි කාටූන් 184 ක් සගවා ගෙන සිටියදී , කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ.

මෙම කාන්තාව මේ වනවිට පොලිස් ඇප මත මුදා හැර ඇති අතර , එළඹෙන 10/02 දින නීතිවිරෝධී ආනයනය , විදේශීය නිෂ්පාදිත දුම්වැටි සන්තකයෙහි තබා ගැනීම සහ ජාවාරම් කිරීම යන චෝදනා යටතේ මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *