Latestදේශීය

අමාත්‍ය මණ්ඩල කැබිනට් තීරණ

ඊයේ (30) සවස ජනාධිපති අනුර කුමාර දිසානායකගේ මූලිකත්වයෙන් පැවති මංගල කැබිනට් රැස්වීමේදී අනුමත කර ගන්නා ලද යෝජනා පිළිබඳව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් නිල වශයෙන් දැනුම් දෙනු ලැබීය.

ඒ අනුව, හිටපු පාර්ලිමේන්තු මැති ඇමතිවරුන්ගේ මෙන් ම, ජනාධිපතිවරු හට ලබා දී තිබෙන හිමිකම් සහ වරප්‍රසාද සම්බන්ධයෙන් අණ පනත් විශ්ලේෂණය කර වාර්තාවක් ලබාදීමට විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු කේ. ටී. චිත්‍රසිරිගේ සභාපතිත්වයෙන් යුක්තව විශ්‍රාමික අමාත්‍යංශ ලේකම් ඩී. දිසානායක සහ විශ්‍රාමික දිස්ත්‍රික් ලේකම් ජයන්තා සී. ටී. බුලුමුල්ල යන ත්‍රිපුද්ගල කමිටුව පත් කර ඇත.

එමෙන් ම, පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වීම සඳහා ජනාධිපතිවරයාගේ බලතල යටතේ රුපියල් බිලියන 5ක් වෙන් කිරීම සහ තවත් රුපියල් බිලියන 6ක් 2025 අයවැයෙන් වෙන් කිරීමට තීරණය කර ඇත. ඊට අමතරව අක්මුදල් නිදහස් කිරීම, වැටුප් හෝ දීමනා නොමැතිව ජනාධිපති ජේෂ්ඨ ආර්ථික උපදේශකයන් ලෙස දුමින්ද හුළංගමුව සහ ආචාර්ය ඒ. ඒ. ජේ. ප්‍රනාන්දු යන දෙදෙනා පත් කිරීම සිදු කර ඇති බව නිවේදනය කෙරිනි.

එමෙන් ම, රජයේ ප්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් ලෙස පරිපාලන සේවයේ පළමු ශ්‍රේණියේ නිලධාරී එච්. එස්. කේ. ජේ. බණ්ඩාර පත් කිරීම සහ ආගමන විගමන වැඩ බලන අධ්‍යක්ෂ ජනරාල් ලෙස මහජන ආරක්ෂක අමාත්‍යංශයේ අතිරේක ලේකම් ඩී. එම්. ඩී. නිලූකා බාලසූරිය පත්කිරීමට අමාත්‍ය මණ්ඩල තීරණ ලබා ගත් බව නිවේදනය කෙරිනි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *