නව පොලිස්පතිට එරෙහිව පලිගැනීම් රැසක්
නව වැඩ බලන පොලිස්පති ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් පත් කර සිටින ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරියට එරෙහිව දේශපාලන පලිගැනීම් රැසක් පසුගිය කාලයේ ක්‍රියාත්මක කර ඇති බව හෙළිවේ.
මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන මේ පිළිබඳව ඔහුගේ යූටියුබ් අඩවියේ කරුණු දක්වා තිබිණි. දේශපාලන පලිගැනීම්වලට ලක් කිරීමට එරෙහිව තම අයිතිවාසිකම් වෙනුවෙන් එවකට පෙනී සිට ඇත්තේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් වන ප්‍රියන්ත වීරසූරිය සහ අජිත් රෝහණ පමණක් බව ඔහු හෙළිකර ඇත.
රනිල් වික්‍රමසිංහ පාලන සමයේ පසුගිය දෙවසර තුළ පමණක් දේශපාලන හේතු මත ඔහුට අවම වශයෙන් ස්ථාන මාරුවීම් 6ක් ලබා දී තිබිණි. ඒ අතර පැය 48ක් යාමටත් පෙර ස්ථාන මාරු කිරීම් ලබා දී ඇති බව ද ගවේශෂනාත්මක මාධ්‍යවේදී තරිඳු ජයවර්ධන හෙළිකර ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් වැඩ තහනම් කළ දේශබන්දු තෙන්නකෝන් ද එම පලිගැනීම් ක්‍රියාවලියේ ප්‍රමුඛයෙකු වී සිටි බව ඔහු වැඩි දුරටත් වාර්තා කර තිබේ.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

