Latestදේශීය

වැසිකිලි බට බොහොමයක් මහවැලි ගඟට හරවලා – කඩිනම් නීති ක්‍රියාමාර්ග

මහනුවර ප්‍රදේශයේ විශාල පිරිසකගේ පානීය ජල අවශ්‍යතා සපයන පොල්ගොල්ල ජලාශය ආශ්‍රිත මහවැලි ගඟට, ඒ අවට පිරිස් විසින් විශාල වශයෙන් අපජලය මුදාහැර ඇතැයි අද (01) අනාවරණය විය.

ඒ, රජයේ ආයතන රැසක නිලධාරීන් විසින් ක්‍රියාත්මක කළ විශේෂ මෙහෙයුමකදීය.

මහනුවර, හාරිස්පත්තුව, පූජාපිටිය, පාතදුම්බර, අකුරණ, කුණ්ඩසාලේ ඇතුළු ප්‍රදේශ රැසක පානීය ජල අවශ්‍යතා සපුරාලීම සඳහා ජලය ලබාගන්නා පොල්ගොල්ල ජලාශයේ සියලු වාන් දොරටු පසුගියදා විවෘත කෙරුණේ නවීකරණ කටයුත්තක් සඳහාය. 

ඊට සමගාමීව සෞඛ්‍ය දෙපාර්තමේන්තුව, පොලීසිය, පරිසර අධිකාරිය, පළාත් පාලන ආයතනවල සහභාගීත්වයෙන් අද පොල්ගොල්ල මහවැලි ජලාශය ආශ්‍රිත බල ප්‍රදේශයේ විශේෂ පරීක්ෂාවක් සිදුකර තිබුණි.

ඒ, අවට පදිංචිකරුවන් සහ ව්‍යාපාරික ස්ථානවලින් ජලාශය වෙත අපද්‍රව්‍ය බැහැර කරන්නේදැයි සොයා බැලීම සඳහාය. 

එහිදී අනාවරණ වූයේ එම ප්‍රදේශයේ මහවැලි ගංඉවුර දෙපස පදිංචිකරුවන් සහ ව්‍යාපාරික ස්ථානවලින් 50%කට ආසන්න සංඛ්‍යාවක් සිය මළ අපද්‍රව්‍ය, මෙන්ම අපජලය ජලාශය ආශ්‍රිත මහවැලි ගඟට ඍජුවම මුදාහැර ඇති බවය. 

ඒ අනුව ඇතැම් පිරිස් වෙත නීති මගින් කටයුතු කිරීමටත් අනෙක් පිරිසට සති 2ක් තුළ සිය අපජල පද්ධති නිසි ලෙස සකසා ගැනීම සඳහා උපදෙස් දීමටත් කටයුතු කර තිබුණි.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *