Latestදේශීය

ඩෙංගු තුරන් කිරීමට කියුබානු සහය – ජනාධිපති අනුරට සහතික කරයි

අද (02) ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවීම එම ලේකම් කාර්යාලයට පැමිණි මෙරට කියුබානු තානාපති අන්ඩ්‍රේස් මාර්සෙලෝ ගොන්සාලෙස් ගොරිඩෝ (Andres Marcelo Gonzales Gorrido) ප්‍රකාශ කර තිබෙන්නේ මෙරට ඩෙංගු මර්දන කටයුතු සඳහා විශේෂ අනුග්‍රහයක් ලබා දෙන බව ය.

පසුගිය 21 වෙනි දින පවත්වන ලද ජනාධිපතිවරණයෙන් ජයග්‍රහණය කිරීම පිළිබඳව නව ජනාධිපති අනුර කුමාර දිසානායකට උණුසුම් සුබ පැතුම් ලබා දෙමින් එම තානාපතිවරයා මෙම විශේෂ අනුග්‍රහය පිළිබඳව දැනුම් දී තිබේ.

ඩෙංගු උවදුර තුරන් කිරීම සඳහා මහජන සෞඛ්‍ය වැඩ සටහන් ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විශේෂඥ දැනුම ලබා දීම මේ අතරින් මූලිකත්වය ගෙන තිබේ.

මෙම වසර තුළ මේ දක්වා මෙරටින් ඩෙංගු රෝගීන් 30,000ක් ඉක්මවූ පිරිසක් වාර්තා වූ බව හෙළිකර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *