Latestදේශීය

වැරදි කළවුන්ට මිස ළමයින්ට දඬුවම් දීමෙන් ශිෂ්‍යත්ව ප්‍රශ්ණය විසඳන්න හදන්න එපා – කරූ පරණවිතාන

පස්වැන්නේ ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න විභාගයට පෙර පිටවීම සම්බන්ධ ගැටලුව විසඳාලිය යුත්තේ අතිශය රහසිගතව සිදුකළ යුතු ප්‍රශ්න සැකසීමේ ක්‍රිියාවලිය උල්ලංඝනය කළ අධ්‍යාපන නිලධාරීන්ට දඬුවම් කිරීමෙන් මිස විභාගය ලියු සිසුන්ට දඬුවම් කිරීමෙන් නොවන බව අපගේ  අදහසය.

ශිෂ්යත්ව 6

මුලු විභාගයම නැවත පැවැත්විම සිසුන්ට දෙන දඬුවමකි. මුලු විභාගයම නැවත පැවැත්වීම කළ  යුත්තේ කොපමණ ප්‍රශ්න ප්‍රමාණයක කෙතරම් විශාල විභාගාපේෂක සිසුන් සංඛ්‍යාවක් අතට පත්වී එය සමස්ත විභාගයම කෙරෙහි බලපානා අවස්ථාවක් බව නිසි පරිදි තක්සේරු කිරීමෙන් පසුවය. එසේ නැත්නම් තළ යුත්තේ මෙවැනි අවස්ථාවකදී විභාග දෙපාර්තමේන්තුව සාමාන්‍යයෙන් කරන ක්‍රියාවලිය අනුගමනය කිරීමය.

ශිෂ්යත්ව 4

වැරදි ප්‍රශ්නය සැකසීම සහ සමහර විභාග ප්‍රශ්න කලින් පිටවීම මීට පෙරද සිදුවී ඇත. ප්‍රශ්න කලින් පිට කරන්නේ අනුමාන ප්‍රශ්න පොරයට වැටී සිටින ටියුෂන් කර්මාන්ත කරුවන්ගෙන් මුල්‍ය ලාභ බලාපොරොත්තු වන වංචනික නිලධාරීන්ය. ඔවුන්ට දැඩි දඩුවම් දිය යුතුය. එවන් අවස්ථාවකදී විභාග දෙපාර්තමේන්තුව මීට පෙර කටයුතු කර ඇත්තේ එබදු වංචකිකයන්ට දඬුවම් දීම සහ සමස්ත විභාගයේ ප්‍රමිතියට බලපාන්නේ නැතිනම් වැරදි ප්‍රශ්නයට හෝ පිට කරන ලදැයි තහවුරු කරගත් ප්‍රශ්නයට අදාල මුලු ලකුණු ප්‍රමාණය සියලුම සිසුන්ට ලබා දී විභාග ප්‍රමිතිය ආරක්ෂා කරගැනීමය.

ශිෂ්යත්ව 2

අපේ ජාතික උරුමයක් වන නිදහස් අධ්‍යාපන දැන් විනාශ කරන්නේ ආණ්ඩු නොව අධ්‍යාපන ය වෙළඳ භාණ්ඩයක්  බවට ක්‍රමයෙන් පත්කරගෙන සිටින දෙමාපිය ගුරු ප්‍රජාවය.

ටියුෂන් කර්මාන්තය අධ්‍යාපනයට වැළඳී ඇති  බෝවන පිළිකාවකි. රෝගවාහකයා කවුදැයි අප නිවැරදිව වටහා ගත යුතුය. මෙයට පිළියම් නොසොයනා තාක් විභාග ප්‍රශ්න විකිණීමේ ජාවාරම නවතින්නේ නැත. අධ්‍යාපනයේ වගකීම බැරෑරුම්ව භාරගන්නා ආණ්ඩුවක් මැදිහත් විය යුත්තේ එම මුලික ගැටලුව විසඳීමට මිස විභාග දෙපාර්තමේන්තුව වගකිව යුතු ප්‍රශ්න කරේගසා ගැනීමට නොවේ.

ශිෂ්යත්ව 3
Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *