හරිනි – මිනිසුන් අතරින් එන දේශපාලන නියෝජනය
හරිනි ගේ ක්‍රියාවේ සහ ප්‍රභූ දේශපාලකයන් ළමයි හුරතල් කිරීමේ ප්‍රධාන වෙනස වන්නේ හරිනි සාමාන්‍ය මිනිස්සු අතරින් එන දේශපාලනයක් සැබවින්ම නියෝජනය කිරීමයි. මේ සිටින්නේ “මා වැනි බිළින්දාව” ලඟට කැන්දා දුක් සැප විමසන නිරිඳකු නොවේ.
විසිවෙනි සියවසේ අවසානයෙන් පසුව අපට තිබුණු ගැටලුව වූයේ නිරිඳුන් නොවන අයට බලය දෙන්නට සාමාන්‍ය මිනිසුන් එකඟ නොවීමයි. එනිසා සාමාන්‍ය මිනිසුන් අතරින් පැන නැගී දේශපාලනය තිබුනේ දේශපාලනයේ පරිදියේ ඇති සාධක ලෙසයි. “3%” යන අපහාසාත්මක සංඛ්‍යාව මගින් සංකේතවත් වූයේ මෙයයි. නමුත් අප මේ අත්දකිමින් ඉන්නේ ඒ සාමාන්‍ය සිතීම රැඩිකල් ලෙස උඩු යටිකුරු වුන මොහොතකි. මේ රූපය පැරණි දෙයෙහි දිගුවක් නොවන්නේ මේ නිසාය.
එක්තරා මොහොතක “ඔබ” හා “මා” සත්‍ය වශයෙන්ම අභිමුඛ වී තිබේ. මෙය විශාල වගකීමකි. නමුත් හරිනිලා මේ අභියෝගයට සූදානම් බව පැහැදිළි වේ. දැන් පැමිණ තිබෙන්නේ අතීතයේ අපට “3%” කියා අපහාස කළ අයට ෆේස්බුක් එකේ මඩ ගසා සැනසීමට ඇති කාලයකි. භූමිකාවන් වෙනස් වී තිබේ. අප දැන් හරිනිලා ට අවස්ථාව දී බලා සිටිය යුතුය
@බටහිර ඉවුරේ දර්ශනය
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

