Latestදේශීය

ඩොලරය පහළට – රුපියල ඉහළට

මාස 15ක පමණ කාලයකට පසුව ශ්‍රී ලංකා රුපියලට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයේ වටිනාකම පහළ බැස තිබෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව ඊයේ (02) එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් මිල රුපියල් 290.30ක් සහ විකුණුම් මිල රුපියල් 299.35ක් ලෙස සටහන් විය. ඩොලරයේ විකුණුම් මිල මෙලෙස රුපියල් 300 සීමාවෙන් පහළට පැමිණ ඇත්තේ 2023 ජූනි 08 වැනි දිනෙන් පසුව පළමු වතාවට වීම විශේෂත්වයකි.

මේ අතර අද දින ඩොලරයේ මධ්‍ය අගය සටහන් වන්නේ රුපියල් 295.62ක් වශයෙන් බව ද ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *