Latestක්‍රීඩාදේශීය

ප්‍රවීන්ට අවුරුද්දක් ක්‍රිකට් බැහැ

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක ප්‍රවීන් ජයවික්‍රම හට වසරක කාලසීමාවක් සඳහා සියලු ආකාරයේ ක්‍රිකට් තහනමක් පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් තීරණය කර තිබෙනවා.

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ නිල වෙබ් අඩවිය වන www.icc-cricket.com වෙබ් අඩවියෙහි මේ බව සඳහන් කරමින් විසින් නිවේදනයක් නිකුත් කර ඇත. (https://www.icc-cricket.com/media-releases/jayawickrama-banned-under-icc-anti-corruption-code)

කෙසේ නමුත් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සියලය විසින් එම තහනම ඔහුට පැනවීමේ දී, එය පසුගිය මාස හයද ඇතුලත්ව පනවා තිබෙන බවයි එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ.

ICC දූෂණ විරෝධී සංග්‍රහය උල්ලංඝණය කළ බවට පිළිගැනීම හේතුවෙන් ඔහුට මෙම තහනම පැනවීමට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබේ.

ප්‍රවීන් ICC දූෂණ විරෝධී සංග්‍රහයේ කඩ කර ඇති විධාන අතරට 2.4.7 වගන්තිය ඇතුලත් අතර, එම වගන්තිය ප්‍රකාරව විමර්ශනයන්ට අදාළ විය හැකි සහ/හෝ සාක්ෂි විය හැකි හෝ හේතු විය හැකි ලේඛන හෝ වෙනත් තොරතුරු වසන් කිරීම, විකෘති කිරීම හෝ විනාශ කිරීම ඇතුළුව ACU(Anti-Corruption Code) මගින් සිදු කළ හැකි ඕනෑම පරීක්ෂණයකට බාධා කිරීම හෝ ප්‍රමාද කිරීම යන චෝදනාවන්ට ඔහු ලක්ව සිටිනවා.

මෙම චෝදනා ඔහුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් සහ ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියට සම්බන්ධව එල්ල වී ඇති අතර ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය, ශ්‍රී ලංකා ක්‍රිකට් සමඟ එකඟතාවයකට පැමිණ, නීති සංග්‍රහයේ 1.7.4.1 සහ 1.8.1 වගන්තිවලට අනුව ක්‍රියා කර ඇති බව ද ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය සඳහන් කරයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *