රන්ජන් යලි දේශපාලනයට
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක ගේ ප්‍රජා අයිතිය කඩිනමින් යථා තත්ත්වයට පත් කිරීම සිදුවේද යන්න යළිත් කතාබහට ලක්ව ඇත.
ඒ අදාළ ලිපි ලේඛන කටයුතු සම්බන්ධයෙන් ඔහු ඊයේ ජනාධිපති කාර්යාලයට ගොස් තිබූ බැවිනි.
ජනාධිපති කාර්යාලයට පැමිණීමෙන් අනතුරුව මාධ්‍යවේදීන් අමතමින් රන්ජන් කියා සිටියේ ඊයේ දිනයේ ලිපි ලේඛන කිහිපයක් රැගෙන එන ලෙස තමාට දැනුම් දුන් බවයි.
“මම ජාතික ජන බලවේගයේ නායකයින් හමුවෙන්න ගියා.. ඔවුන් මගේ ප්‍රජා අයිතීන් නැවත ලබාදෙන ලෙස මා කළ ඉල්ලීමට එකඟ වුනා. මම අනුර කුමාර දිසානායක ජනාධිපතිතුමා එක්කත් දුරකථනයෙන් කතා කළා.”
“මට මැතිවරණයට ඉදිරිපත් වීම තහනම් කරලා ඡන්ද අයිතියත් නැති කරල තියෙන්නේ. ඒත් මට ජනාධිපතිවරණයේදී ඡන්දය පාවිච්චි කරන්න පුළුවන් ඡන්ද පත්‍රිකාවක් ලැබුණා. නමුත් ඒ වෙද්දි මම රටින් පිට හිටිය නිසා මට ඡන්දය දෙන්න බැරි වුණා.”
තම ප්‍රජා අයිතිය යළි ලබා දෙන්නේ නම් ජාතික ජන බලවේගයෙන් ඉදිරි මහ මැතිවරණයට තරග කරන්නේ දැයි ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් රන්ජන් කියා සිටියේ ඒ ගැන කිසිවක් කීමට තවමත් කල් වැඩි බවය.
@slleader.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

