සවුති නායකත්වය අත්හරී
ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර පැවති ටෙස්ට් තරග දෙකම පරාජය වීම හේතුවෙන් නවසීලන්ත ටෙස්ට් ක්‍රිකට් නායක වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති සිය නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇත.
ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඉන්දියාව සමග ටෙස්ට් තරගාවලිය සඳහා නවසීලන්ත නායකත්වය හිමි වීමට ඇත්තේ ටොම් ලැතම්ටය.
ටිම් සවුති පවසන්නේ කණ්ඩායමේ ජයග්‍රහණය සහ ඉදිරි අනාගතය සඳහා මෙම තීරණය ගත් බවයි.
ටිම් සවුති ටෙස්ට් තරග 14කට නායකත්වය සපයා ඇති අතර 2022දී කේන් විලියම්සන් නායකත්වයෙන් ඉල්ලා අස්වූ පසු ටිම් සවුති නායකත්වය ලබාගෙන තිබේ.
ටිම් සවුති ටෙස්ට් තරග 6ක් නායකත්වය යටතේ ජයගෙන ඇත.
තරග 2ක් ජය පරාජයෙන් තොරව නිමාවී තිබේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

