Latestදේශීය

සිරිසේන සහ වික්‍රමසිංහ දිලිත්ගේ පක්ෂයෙන් මැතිවරණයට

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මිය සහ දහම් සිරිසේන මහතා අද (03) මව්බිම ජනතා පක්ෂය සමග එක්වුණි.

ඒ, කොළඹ පිහිටි මව්බිම ජනතා පක්ෂ මූලස්ථානයේදීය. 

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරමින් ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තු පැමිණි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රිනි රාජිකා වික්‍රමසිංහ මහත්මියව මව්බිම ජනතා පක්ෂයේ කෑගලු දිස්ත්‍රික් සහ දැදිගම සංවිධායකවරිය ලෙස පත්කෙරුණි.

හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ පුත්‍රයා වන දහම් සිරිසේන මහතාව පොළොන්නරු දිස්ත්‍රික්කයේ මව්බිම ජනතා පක්ෂ සංවිධායක ලෙස පත්කර ඇත.

මේ අතර චලිදු කුමාරසිංහ මහතා පොළොන්නරුව දිස්ත්‍රික්ක සම්බන්ධීකාරක ලෙසත්, තක්ෂිල ප්‍රේමසිරි මහනුවර, උඩුනුවර සංවිධායකවරයා ලෙසත් පත්කර තිබේ.

සංජීව සුරවීර මහතා මහනුවර, හේවාහැට සංවිධායකවරයා ලෙසත් තක්ෂිලා සෙනෙවිරත්න මහනුවර, යටිනුවර සංවිධායක ලෙසත් තුසිත තිලංක ජයසිංහ මහතා රත්ගම සංවිධායකවරයා ලෙසත් පත්කර ඇත.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *