Latestක්‍රීඩාදේශීය

කමිදු සහ ප්‍රභාත් ජාත්‍යන්තර ක්‍රිකට් ශ්‍රේණිගත කිරීම් වලින් ඉදිරියට

ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් නිකුත් කරන ලද නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ටෙස්ට් පිටියේ ක්‍රීඩකයින් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියට පැමිණීමට කමිඳු මෙන්ඩිස් සහ ප්‍රභාත් ජයසූරිය සමත්ව තිබෙනවා.

ඒ අනුව එක් ස්ථානයක් ඉදිරියට එමින් පන්දු යවන්නන් අතර 7වන ස්ථානයට පැමිණීමට දඟපන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය සමත්ව ඇති අතර, කමිඳු මෙන්ඩිස් ස්ථාන 5ක් ඉදිරියට පැමිණෙමින් ටෙස්ට් පිතිකරුවන් ශ්‍රේණිගත කිරීමෙහි 11වන ස්ථානය දක්වා පැමිණ තිබේ.

නවසීලන්තයට එරෙහි පැවති ටෙස්ට් තරඟාවලියේදී දැක්වූ දස්කම් මත ශ්‍රේණිගත ලකුණු 801ක් කර ගනිමින් ප්‍රභාත් ජයසූරිය, ඔස්ට්‍රේලියානු ක්‍රීඩක නේදන් ලයන් සමඟ 7 වැනි තැන සිටියි.

නවසීලන්තය සමඟ පැවති දෙවැනි ටෙස්ට් තරගයේදි නොදැවී ලකුණු 182ක් රැස් කළ කමිඳු මෙන්ඩිස් ශ්‍රේණිගත ලකුණු 716ක් ලබා ලොව හොඳම ටෙස්ට් පිතිකරුවන් අතර 11 වැනි ස්ථානයේ පසුවෙයි.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *