පියල් නිශාන්තට එරෙහිව අපරාධ සහ අල්ලස් චෝදනා
හිටපු රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත මහතාට එරෙහිව බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට පැමිණිල්ලක් කර තිබේ.
ඒ ඔස්ට්‍රේලියාවේ හා චීනයේ හිටපු රාජතාන්තිකයෙකුට තර්ජනය කළ බවට වන සිදුවීමක් සම්බන්ධයෙනි.
හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහිව අපරාධ හා අල්ලස් නඩුවක් ගොනු කිරීම හේතුවෙන් අවස්ථා කිහිපයකදී පියල් නිශාන්ත මහතා තමන්ට තර්ජනය කළ බව එම පැමිණිල්ලේ සදහන්ය.
පියල් නිශාන්ත මහතා රාජ්‍ය අමාත්‍ය ධුරය දරන කාලයේ පැමිණිලිකරු සීනෝර් පදනමේ සභාපති වශයෙන් කටයුතු කර ඇති අමාත්‍යවරයාගේ තර්ජන හේතුවෙන් ඔහු ඉකුත් මාර්තු මාසයේදී එම දුරයෙන් ඉල්ලා අස්වී ඇත.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

