2024 මහ මැතිවරණයේ නාමයෝජනා බාර ගැනීම ඇරඹේ
මේ වනවිට කැඳවා ඇති 2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාමයෝජනා බාරගැනීම අද (04) සිට ආරම්භ කෙරෙන අතර එය ලබන 11 වැනිදා මධ්‍යහන 12යින් අවසන් වේ.
මෙවර පාර්ලිමේන්තු මැතිවරණය සඳහා මේ වනවිට ස්වාධීන කණ්ඩායම් 58ක් ඇප මුදල් තැන්පත් කර තිබෙන බව මැතිවරණ කොමිසම සඳහන් කරයි.
ඒ අනුව මඩකලපුව, යාපනය, දිගාමඩුල්ල සහ කොළඹ දිස්ත්‍රික්කවලින් වැඩිම ස්වාධීන කණ්ඩායම් සංඛ්‍යාවක් ඇප තැන්පත් කර තිබෙන බව සඳහන් වේ.
2024 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම මේ වනවිට ආරම්භ කර තිබෙන අතර ලබන 08 වෙනිදා දක්වා අදාළ අයදුම්පත් භාරගැනීම සිදු කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

