ලක්ෂ්මන් කිරිඇල්ල දේශපාලනයෙන් විශ්‍රාම ගනී?
ඉදිරි පාර්ලිමේන්තු මැතිරණයේදී සමගි ජන බලවේග ජාතික ලැයිස්තුව සඳහා ඉල්ලුම් ලැබී ඇති ප්‍රමාණය ඉහළ ගොස් තිබේ.
මෙම තත්ත්වය මත ජාතික ලැයිස්තුවෙන් නොව තරග කර ජයග්‍රහණය කිරීමෙන් පසු පාර්ලිමේන්තුවට පැමිණෙන්නැයි පක්ෂ නායකත්වය බොහෝ දෙනෙකුට දැනුම් දී ඇත.
මෙම තත්ත්වය මත මීළඟ පාර්ලිමේන්තු මැතිවරණයේදී ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට පිවිසීමට බලාපොරොත්තුවෙන් සිටී ලක්ෂ්මන් කිරිඇල්ල මහතාද අර්බුදයට ගොස් ඇති බව දැනගන්නට ඇත.
ඊට හේතු වී ඇත්තේ ඔහුගේ දියණියද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට බලාපොරොත්තුවෙන් සිටීමයි.
ඇයගේ මුල් සැලසුම වී ඇත්තේ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට නම් කිරීමෙන් පසු ඇය මහනුවර දිස්ත්‍රිකයෙන් තරග කිරීමයි.
නමුත් දැන් ඇතිවී තිබෙන නවතම තත්ත්වය මත තමන්ට පාර්ලිමේන්තු මැතිවරණයට තරග කිරීමට අවශ්‍ය බව ඇය සඳහන් කර ඇති බව වාර්තා වන අතර ලක්ෂ්මන් කිරිඇල්ල මහතාට ජාතික ලයිස්තුව නොලැබෙන්නේ නම් දේශපාලනයෙන් විශ්‍රාම ගැනීමට සිදුවන තත්ත්වයක් උද්ගත වී ඇත.

@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

