Latestවිදේශීය

බීරුට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැවැන්ත ප්‍රහාරයක්

අඛ­ණ්ඩව දෙදි­නක් පුරා දකුණු ලෙබ­න­න­ය­ටත්, බීරුට් අග­නු­ව­ර­ටත් පහර දුන් ඊශ්‍රා­යල හමු­දාව පෙරේදා රාත්‍රී බීරුට් ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළ ආස­න්නයේ පිහිටි ඩහියා නග­ර­යට අධි­බ­රැති බෝම්බ විශාල ප්‍රමා­ණ­යක් හෙළූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීරුට් අග­නු­වර හෙස්බුල්ලා බළකො­ටු­වක් වූ ඩහියා නග­රයේ අති­ශය දරුණු පිපි­රීම් කිහි­ප­යක්ම සිදුවූ බව ඒ අවට ස්ථාන­ගත වී සිටින විදෙස් යුද වාර්තා­ක­රු­වන් සඳ­හන් කර තිබේ.

බෝම්බ හෙළී­මට පෙර ගුව­න්තො­ටු­පොළ අවට තදා­සන්න ප්‍රදේශ 20කට අධික ප්‍රමා­ණ­යක ජන­තා­වට වහාම ඉව­ත්වන ලෙස ඊශ්‍රා­යල හමු­දාව නියෝ­ග­යක් නිකුත් කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳ­හන් කළේය. අවට අහස මුළු­ම­නින්ම දැවැන්ත ගිනි වලා­ව­කින් පිරී ගිය බවත්, සිදුවූ හානිය ඒ මොහොතේ දී කිසි­ව­කුට සිතා­ගැ­නී­ම­ට­වත් නොහැකි වූ බවත් යුද වාර්තා­ක­රු­වන් වැඩි­දු­ර­ටත් ප්‍රකාශ කර ඇත. ඒ වන­වි­ටත් බීරුට් ගුව­න්තො­ටු­පොළේ මෙහෙ­යුම් සිදු­වෙ­මින් පැවැති බව ද වාර්තා විය.

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *