බීරුට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළට දැවැන්ත ප්‍රහාරයක්
අඛණ්ඩව දෙදිනක් පුරා දකුණු ලෙබනනයටත්, බීරුට් අගනුවරටත් පහර දුන් ඊශ්‍රායල හමුදාව පෙරේදා රාත්‍රී බීරුට් ජාත්‍යන්තර ගුවන්තොටුපොළ ආසන්නයේ පිහිටි ඩහියා නගරයට අධිබරැති බෝම්බ විශාල ප්‍රමාණයක් හෙළූ බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය. බීරුට් අගනුවර හෙස්බුල්ලා බළකොටුවක් වූ ඩහියා නගරයේ අතිශය දරුණු පිපිරීම් කිහිපයක්ම සිදුවූ බව ඒ අවට ස්ථානගත වී සිටින විදෙස් යුද වාර්තාකරුවන් සඳහන් කර තිබේ.

බෝම්බ හෙළීමට පෙර ගුවන්තොටුපොළ අවට තදාසන්න ප්‍රදේශ 20කට අධික ප්‍රමාණයක ජනතාවට වහාම ඉවත්වන ලෙස ඊශ්‍රායල හමුදාව නියෝගයක් නිකුත් කර තිබූ බව ද විදෙස් මාධ්‍ය සඳහන් කළේය. අවට අහස මුළුමනින්ම දැවැන්ත ගිනි වලාවකින් පිරී ගිය බවත්, සිදුවූ හානිය ඒ මොහොතේ දී කිසිවකුට සිතාගැනීමටවත් නොහැකි වූ බවත් යුද වාර්තාකරුවන් වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත. ඒ වනවිටත් බීරුට් ගුවන්තොටුපොළේ මෙහෙයුම් සිදුවෙමින් පැවැති බව ද වාර්තා විය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

