සුරේෂ් සලෙයි ගෙදර යවයි
රාජ්‍ය බුද්ධි සේවයේ නව අධ්‍යක්ෂ ලෙස නියෝජ්‍ය පොලිස්පති (DIG) ධම්මික කුමාර පත් කර තිබේ.
මේ වනවිට නියෝජ්‍ය පොලිස්පති ධම්මික කුමාර සිය පත්වීමේ ලිපිය ලබාගෙන ඇති අතර එළැඹෙන සඳුදා දිනයේ දී එම ධුරයේ වැඩ භාර ගැනීමට නියමිතය.
මේජර් ජෙනරාල් සුරේෂ් සලෙයි විශ්‍රාම ගැනීමෙන් පසු ධම්මික කුමාර නව අධ්‍යක්ෂවරයා ලෙස පත් කර ඇති බව වැඩිදුරටත් වාර්තා වේ.
කෙසේ වෙතත් සුරේෂ් සලේ විශ්‍රාම ගත් අයෙකු වන අතර පසුගිය රජයේ අවශ්‍යතාව මත ඔහුට සේවා දිගුවක් ලබා දී තනතුරේ රඳවා සිටියේය.
ශ්‍රී ලංකා යුද හමුදාවේ බ්‍රිගේඩියර් සුරේෂ් සලේ හට පසුගිය කාලයේදීම පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් චෝදනා රැසක්ම එල්ල වී තිබිණි.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

