Latestදේශීය

පාසැල් පාවහන් මිළ පහළට

පාසල් සිසුන් සඳහා වන පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ (FLGIG) සභාපති බුද්ධික විමලසිරි මාධ්‍ය වෙත අදහස් දක්වමින් පවසයි.

මේ අනුව ඔහු වැඩිදුරටත් සඳහන් කරන්නේ, පාසල් සිසුන්ගේ පාවහන් මිල නුදුරේදීම අඩු කිරීමට තීරණය කර ඇති බවයි.

ශ්‍රී ලංකාවේ නිෂ්පාදනය කරන නිෂ්පාදන මිලදී ගෙන රටේ සංවර්ධනයට දායක විය යුතු යැයි ඔහු සඳහන් කරයි.

ඒ වගේම රජයක් බලයට පත් වූ විට බොහෝ දේ බලාපොරොත්තු වන මේ සමාජය තුළ රටේ කර්මාන්තකරුවන් සහ නිර්මාණකරුවන් රජයට සහයෝගය දැක්වීම අත්‍යවශ්‍ය බව පාවහන් සහ සම්භාණ්ඩ කර්මාන්ත සංගමයේ සභාපති බුද්ධික විමලසිරි වැඩි දුරටත් ප්‍රකාශ කරයි.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *