Latestදේශීය

පියුමගෙන් පැය 9ක් ප්‍රශ්ණ කරලා

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී වත්කම් විමර්ශන අංශය ජනප්‍රිය නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් පසුගිය දා (04) නැවත වතාවක් ප්‍රශ්න කර තිබේ.

ඇය හිමිකාරීත්වය දැරූ BMW මෝටර් රථයක් සම්බන්ධයෙන් සිදු කරන විමර්ශනයකට අදාළව ඇයව මෙලෙස ප්‍රශ්න කර ඇත.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පසුගිය ජුලි මස 5 වැනිදා සිය භාරයට ගත් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුට අයත් BMW වර්ගයේ මෝටර් රථය ප්‍රසිද්ධ නිරූපණ ශිල්පිනියක් වන පියුමි හංසමාලිගෙන් මිලදි ගෙන ඇති බවට අනාවරණ කර ගැනුණි.

ඒ අනුව පියුම් හංසමාලි එම BMW වර්ගයේ මෝටර් රථය මිලදී ගැනීමට මුදල් උපයාගත් ආකාරය හා ඇය විසින් අලෙවි කරනු ලබන සම පැහැපත් කරන ආලේපනවලින් ප්‍රශ්න සහගත ලෙස අධික මුදලක් උපයාගැනීම සම්බන්ධයෙන් නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය විමර්ශනයක් ආරම්භ කළේය.

එම විමර්ශනයට අදාළව ප්‍රකාශ ලබාදීම සඳහා ඊයේ පෙරවරු 9ට පමණ නීතිවිරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය වෙත පැමිණි නිරූපණ ශිල්පිනි පියුමි හංසමාලිගෙන් පැය 9කට ආසන්න කාලයක් ප්‍රශ්න කර ඇති අතර පස්වරු 6ට පමණ ඇය ඉන් පිටත්ව ගොස් තිබුණි.

ප්‍රකාශ ලබා දීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වූ පියුමි හංසමාලි,

“අධිකරණයේ පවතින නඩු විභායක් නිසා මේ ගැන මට කතා කරන්න බැහැ, මට හරිම මහන්සියි, උදේ ඉඳලා.. නඩු කටයුත්ත ඉවර වුණාම ප්‍රකාශයක් දෙන්නම්,..”

@දිනමිණ 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *