මෙක්සිකෝව යටවෙයි
මෙක්සිකෝවේ දරුණු ජලගැලීම් තත්ත්වයක් බලපා තිබේ. විදෙස් මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඉන් ඔහාකා ප්‍රාන්තයේ සිය ගණනක් අවතැන්ව සිටින බවයි. මෙක්සිකෝවේ මේ දිනවල අධික වැසි සහ ජල ගැලීම් ඇතුළු අයහපත් කාලගුණ තත්ත්වයක් වාර්තා වෙයි. ඉන් වැඩි බලපෑමක් එල්ලවී ඇත්තේ ඔහාකා ප්‍රාන්තයට යි.
ඒ අනුව ප්‍රාන්තයේ නගර රැසක්ම ජලයෙන් යටවී ඇති අයුරු විදෙස් මාධ්‍ය වාර්තා කළේය. ඒ අනුව පීඩාවට පත්වූ පිරිස් ආරක්ෂිත ස්ථාන වෙත යොමු කිරීමට සහන සේවකයින් පියවර ගෙන තිබුණි. ජලගැලීම්වලින් පීඩාවට පත්වූ පිරිස්හට සහාය වීම සඳහා සහන සේවා කණ්ඩායම් කිහිපයක් යොදවා ඇතැයි ද වාර්තා විය.
ඉදිරි දින කිහිපයේදීත් ඔහාකා ප්‍රාන්තයෙන් අධික වැසි තත්ත්වයක් වාර්තාවිය හැකි බවට මෙක්සිකානු කාලගුණ බලධාරීන් අනතුරු අඟවා තිබුණි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

