ලෙබනනයේ ශ්‍රී ලාංකිකයින් ආරක්ෂාව පතා තානාපති කාර්යාලයට පැමිණේ
යුදමය තත්වය හේතුවෙන් ආරක්ෂාව පතා ශ්‍රී ලාංකිකයන් 32 ලෙබනනයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත පැමිණ ඇතිබව ශ්‍රී ලංකා විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
ශ්‍රී ලංකා තානාපති කාර්යාලය මගින් ඔවුන්ට අවශ්‍ය පහසුකම් සලසා තිබේ.
තානාපති කාර්යාල මගින් එරට සිටින ශ්‍රී ලාංකිකයන් සමඟ නිරන්තරයෙන් සම්බන්ධතා පවත්වමින් සිටින බව විදේශ කටයුතු අමාත්‍යංශය පවසයි.
කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට යුදමය තත්වය හේතුවෙන් බලපෑම් එල්ලවී නොමැති බව එම අමාත්‍යංශය යලි තහවුරු කලේය.
මේ අතර මේ වනවිට ශ්‍රී ලංකාවේ සිට ඊශ්‍රායලය දක්වා ගුවන් ගමන් නැවත සාමාන්‍ය පරිදි ක්‍රියාත්මක බව ඊශ්‍රායලය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
ඉරානය විසින් එල්ලකරන නිසයිල ප්‍රහාර හේතුවෙන් දින දෙකක් අත්හිටුවා තිබූ ඩුබායි සහ අබුඩාබී සිට ඊශ්‍රායලය දක්වා පියාසර කරන ගුවන් යානා නැවත (04) සිට ක්‍රියාත්මක වෙයි.
ඊශ්‍රායලය බලා පැමිණීමට අපේක්ෂා කරන්නන් ගුවන් තොටුපල වෙත යාමට පෙර තම ගුවන් ගමන් සඳහා ගුවන් යානා ක්‍රියාත්මක වන්නේදැයි අදාළ අංශවලින් විමසන ලෙස ඊශ්‍රායලය ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

