Latestක්‍රීඩාදේශීය

දෙවන තරගයත් ශ්‍රී ලංකාව පරදී

2024 කාන්තා 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ ඊයේ (05) සහභාගී වූ දෙවෙනි තරගයේ ජයත් ශ්‍රී ලංකාවට අහිමිවී ගියාය.

ඒ, ඔස්ට්‍රේලියාව සමග පැවති තරගයෙන් කඩුලු 6ක පරාජයක් හිමිවීමත් සමගය.

සාජා පැවැති තීරණාත්මක තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහර දීමට තීරණය කළාය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද එක් වෙනස්කමක් සිදුකරමින් සචිනි නිසංසලා වෙනුවට ඉනෝකා රණවීර තරගයට කැඳවා තිබුණි.

ඒ අනුව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කළේ විශ්මි ගුණරත්න සමඟින් චමරි අතපත්තුය.

කෙසේ වෙතත් ශ්‍රී ලංකා ලකුණු පුවරුව ලකුණු 6ක් ලෙස සටහන් වෙද්දී විශ්මි ගුණරත්න ලකුණු ලබා ගැනීමට පෙර දවාගැනීමට ඔස්ට්‍රේලියා පන්දු යවන්නන් සමත් විය.

නායිකා චමරි අතපත්තුට ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 3ක් පමණි.

කඩා වැටුණු ශ්‍රී ලංකා ඉනිමට යම් ජීවයක් එක් කරන්නට හර්ෂිතා සමරවික්‍රම සහ නිලක්ෂිකා සිල්වා උත්සාහ දැරුවේ සිව්වැනි කඩුල්ලට ලකුණු 31ක සබඳතාවක් එක්කරමිනි.

එම සබඳතාව බිඳ වැටුණේ හර්ෂිතා ලකුණු 23කට දැවී යාමත් සමඟය.

ඉවසිලිවන්ත ඉනිමක් ක්‍රීඩාකළ නිලක්ෂිකා සිල්වා නොදැවී ලකුණු 29ක් ලබා ගත්තාය.

ඒ අනුව ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලබා ගැනීමට හැකිවුණේ ලකුණු 93ක් පමණි.

ලකුණු 94ක ජයග්‍රහී ඉලක්කයක් හඹාගිය ඔස්ට්‍රේලියා කාන්තා කණ්ඩායම පන්දුවාර 14යි පන්දු 2ක් අවසානයේ කඩුලු 4ක් දැවී සිය ඉලක්කය පසුකර ගියාය.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *