මම පැනලා ගියේ නැහැ, පොහොට්ටුවෙන් මැතිවරණයට එනවා – සද්ධාතිස්ස හිමි
ඉදිරි පාර්ලිමේන්තුවට තරඟ වදින්නයි පක්ෂයෙන් ආරාධනා කළහොත් තමන් ඊට සූදානම් බව පූජ්‍ය ඉත්තෑකන්දේ සද්ධාතිස්ස හිමියෝ කියා සිටිති.
නමුත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් අවසන් තීරණයක් ගෙන නැතැයි ද උන්වහන්සේ පැවසූහ.
ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ මූලස්ථානයේ පැවැති සාකච්ඡාවකින් අනතුරුව මාධ්‍ය අමතමින් උන්වහන්සේ මෙසේ පැවසූහ.
තමන් වහන්සේ ජනාධිපතිවරණයෙන් පසු විදෙස් ගත වූ බවට පළවූ වාර්තා සම්බන්ධයෙන් උන්වහන්සේ කියා සිටියේ තමන් ආණ්ඩුවෙන් කිසිදු තනතුරක් ලබාගත් අයකු නොවන එනිසා රටෙන් පලා යාමේ කිසිදු වුවමනාවක් තමන් වහන්සේට නැති බවය.
@Lanka C News
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

