Latestදේශීය

රනිල් සජිත් හැරයන අපේක්ෂකයෝ

පාර්ලිමේන්තු මැතිවරණය හමුවේ පොහොට්ටු පක්ෂයට වඩා සජිත් සහ රනිල් පිල්වල සිටි හිටපු මන්ත්‍රීවරුන් සැලකිය යුතු පිරිසක් මෙවර ඉදිරිපත් නොවන බව වාර්තා වේ.

විශේෂයෙන් ම සමගි ජන බලවේගය තුළ අලුතින් ඇති වී තිබෙන මත ගැටුම් සියුම් ලෙස අධ්‍යයනය කර බලා අවසන් මොහොතේ දී නාම යෝජනා ඉල්ලා අස්කර ගැනීමට ඇතැම් අය සූදානමින් සිටින බව මේ වනවිටත් තහවුරු වී ඇත. ඒ සම්බන්ධයෙන් විකල්ප ලැයිස්තුවක් සජිත් ප්‍රේමදාස සහ ඔහුගේ සමීපතමයින් සකස් කර ඇති අතර තරුණ සහ උගත් පිරිස ඊළඟ නායකත්වය කරා ගෙන ඒමට එම ලැයිස්තුව සකස් කර ඇතැයි අභ්‍යන්තර වශයෙන් ප්‍රචාරය කර තිබේ.

මේ අතර, රනිල් පිලෙන් මැතිවරණයට ඉදිරිපත්වීමේ පූර්ව සූදානමක සිටි එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක රුවන් විජේවර්ධන පවා මෙවර මැතිවරණයට ඉදිරිපත් නොවන බව වාර්තා වී තිබේ. ආශු මාරසිංහ, අකිල විරාජ් කාරියවසම් යන අය ද ඉදිරිපත් නොවන බව මාධ්‍ය වාර්තාවල දැක්වේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *