අපේක්ෂකයින්ගේ වත්කම් බැරකම් අනිවාර්යයි
එළැඹෙන මහ මැතිවරණයට තරග කිරීමට නාමයෝජනා භාරදෙන පිළිගත් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම්වල සියලුම අපේක්ෂකයින් නාමයෝජනා පත්‍ර සමග තමන්ගේ වත්කම් සහ බැරකම් ප්‍රකාශ අදාළ තේරීම්භාර නිලධාරීන් වෙත නාමයෝජනා පත්‍ර සමග භාරදිය යුතුය.
මැතිවරණ කොමිසම පවසන්නේ 2023 අංක 9 දරණ දුෂණ විරෝධී පනතේ 80 (01) (ප), 82 (01) (ඊ), 82 (02), 89, 90 (04) වගන්ති අනුව ඡන්ද විමසීම් දිනය ප්‍රකාශයට පත්කළ දිනයට අදාළ වත්කම් සහ බැරකම් ප්‍රකාශ ඉදිරිපත් කළ යුතුය.
එමෙන්ම 99 අ ව්‍යවස්ථාව අනුව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර අපේක්ෂකයින් ද වත්කම් සහ බැරකම් ප්‍රකාශ නාමයෝජනා පත්‍ර සමගින් මැතිවරණ කොමිසමට භාරදිය යුතුය.
නාමයෝජනා පත්‍රය සමග වත්කම් සහ බැරකම් ප්‍රකාශ භාරදීමට අපොහොසත්වීම දණ්ඩනයකට යටත්විය යුතු වරදක් බව මැතිවරණ කොමිෂන් සභාව දැනුම්දෙයි.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

