Latestදේශීය

එක්සත් ජනතා නිදහස් සන්ධානයට මෙවර මැතිවරණය බැහැ

එක්සත් ජනතා නිදහස් සන්ධානය ඇතුළු පක්ෂ 06කින් මහ මැතිවරණයට ඉදිරිපත් විය නොහැකි බව මැතිවරණ කොමිසම පවසයි.

එම පක්ෂ 06ට එක්සත් ජනතා නිදහස් සන්ධානය, එක්සත් ලංකා පොදු පක්ෂය, ඊලවර් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය, එක්සත් ලංකා මහා සභා පක්ෂය, ලංකා ජනතා පක්ෂය සහ ශ්‍රී ලංකා ප්‍රගතිශීලී පෙරමුණ අයත් වේ.

එම පක්ෂවල ලේකම් ධුර සම්බන්ධයෙන් මතුව ඇති ගැටලු නිරාකරණය කර ගැනීම සඳහා අදාළ පක්ෂ නියෝජිතයන් මැතිවරණ කොමිසමට කැඳවා සිදුකළ සාකච්ඡාවකින් පසු මැතිවරණ කොමිසම මෙම තීරණය ගෙන තිබේ.

@දිවයින


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *