සුබ පැතුම් පමණක් නොව ඩොලර් මිලියන 200ක ආධාරද රැගෙන ඇවිත්
අද (07) පෙරවරුවේ ලෝක බැංකු නියෝජිතයින් සහ ආසියානු සංවර්ධන බැංකුවේ නියෝජිතයින් ජනාධිපති අනුර කුමාර දිසානායක හමුවී ශ්‍රී ලංකාවේ සංවර්ධන කටයුතු සඳහා දිගටම ආධාර ලබා දෙන බවට ප්‍රතිඥා දී ඇති අතර ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාර ලබා දෙන බව සහතික කර තිබේ.
අවස්ථා දෙකකදී එම නියෝජිතයින් ජනාධිපතිවරයා හමුවී අදාළ සාකච්ඡා පවත්වා තිබේ. ලෝක බැංකුවේ නියෝජිත කණ්ඩායම වෙනුවෙන් ශ්‍රී ලංකාව සඳහා වන අධ්‍යක්ෂ ඩේවිඩ් සිස්ලෙන් සහ මුදල් අමාත්‍යංශයේ ලේකම් මහින්ද සිරිවර්ධන අතර ඩොලර් මිලියන 200ක මූල්‍ය ආධාරයක් ලබාදීම පිළිබඳව ගිවිසුමට අත්සන් කරනු ලැබීය.

Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

