මිලියන 75ක සම්පූර්ණ මුදල ගෙවා අවසන් බව නිලන්ත ජයවර්ධන දන්වයි
පාස්කු ඉරු දින ත්‍රස්ත ප්‍රහාර සිද්ධිය පිළිබඳව කලින් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් එය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට අදාළව නියම වූ වන්දි මුදල සම්පූර්ණයෙන් ගෙවා අවසන් කර තිබෙන බව රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ නිලන්ත ජයවර්ධන මහතා සිය නීතිඥවරු මාර්ගයෙන් අද (07) ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම් දුන්නේය.
ඔහුට නියමකර තිබූ වන්දි මුදල රුපියල් මිලියන 75කි.
එම නඩුකරය අද දහවල් කැදවූ අවස්ථාවේදී ඔහුගේ නීතිඥවරයා මේ බව දැනුම් දී තිබේ.
නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල්වරිය කියා සිටියේ වගඋත්තරකරු විසින් අද දින ඔහුට නියම කළ වන්දි මුදලේ ඉතිරිය වූ රුපියල් මිලියන 65ක් ගෙවා ඇති බව හානි පූර්ණ කාර්යාලය විසින් වාර්තා කර ඇති බවයි.
මෙම මුදල් ගෙවීම ප්‍රමාද වීම සම්බන්ධයෙන් තමා අධිකරණයෙන් සමාව ඉල්ලා සිටින බවත් අධිකරණය හමුවේ පෙනී සිටි නිලන්ත ජයවර්ධන මහතා විනිසුරු මඩුල්ල ඉදිරියේ දැනුම් දී ඇත.
ඉන් අනතුරුව මෙම නඩු කටයුත්ත යළි නොවැම්බර් මස 18වැනිදා කැඳවීමට ද නියම කළේය.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

