Latestක්‍රීඩාදේශීය

නාවික හමුදාවට ජයග්‍රහණ රැසක්

කොළඹ රාජකීය විද්‍යාලයේ ගෘහස්ත බොක්සිං ක්‍රීඩා වළල්ලේදී සහ මීගමුව බ්‍රවුන්ස් වෙරළ තීරයේ දී පසුගිය 01 වන දින සිට 05 වන දින දක්වා  පැවති ‘Layton Cup Boxing Tournament – 2024’ තරඟාවලියේදී නාවික හමුදා බොක්සිං ක්‍රීඩක ක්‍රීඩිකාවන් රන් පදක්කමක් (01), රිදී පදක්කම් පහක් (05) සහ ලෝකඩ පදක්කම් දහයක් (10) හිමි කර ගැනීමට සමත් විය.

දිවයිනේ ප්‍රකට බොක්සිං කණ්ඩායම් විසි අටක ගේ (28) සහභාගීත්වයෙන් පැවති මෙම තරඟාවලිය සඳහා නාවික හමුදාව නියෝජනය කරමින් ක්‍රීඩකයින් විසි නවදෙනෙකු (29) සහ ක්‍රීඩිකාවන් තිදෙනෙකු (03) සහභාගී විය. ඒ අනුව, නාවික හමුදා පිරිමි බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ බල ශාරීරික අභ්‍යාසක එච්.ඒ.එස්.ඩී හෙට්ටිආරච්චි විසින් කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි රන් පදක්කම දිනාගැනීමට සමත්විය.

නායක නැවි කේ.එම්.සී.කේ කරුණානායක කිලෝග්‍රෑම් 92 ට වැඩි බර පන්තිය යටතේත්, නායක නැවි එස්.එම්.සී.එස් සමරකෝන් කිලෝග්රෑම් 63.5 බර පන්තිය යටතේත්, නායක සූපවේදී ඒ.එම්.ජී.අයි බංඩාර කිලෝග්රෑම් 51 ට අඩු බර පන්තිය සහ බල නැවි කේ.එච් නවෝද්‍ය කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහිදී රිදී පදක්කම් දිනාගැනීමට සමත්විය.

සුළු නිලධාරී ඒ.ඩබ් හෙට්ටිගේ කිලෝග්‍රෑම් 92 බර පන්තිය යටතේත්, බල ශාරීරික අභ්‍යාසක ඒ.ඩබ්.ඒ මධුෂාන් කිලෝග්‍රෑම් 86 ට අඩු බර පන්තිය යටතේත්, බල නැවි ජේ.පී කෞශල්‍ය කිලෝග්‍රෑම් 86 ට අඩු බර පන්තිය යටතේත්, නායක නැවි ඩබ්ඩීකේ ජයසිංහ කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය යටතේත්, නායක නාවික පාබල පී.එම්.එම් දීප්තිවර්ධන සහ නායක නැවි ඒ.එම්.ටී.එස් අධිකාරි විසින් කිලෝග්‍රෑම් 67 ට අඩු බර පන්තිය යටතේත්, නායක නැවි එන්.එච් තිලකරත්න කිලෝග්‍රෑම් 63.5 ට අඩු බර පන්තිය යටතේත්, බල නාවික පාබල එස්.අයි රන්මාල් කිලෝග්‍රෑම් 51 ට අඩු බර පන්තිය සහ බල නාවික පාබල බී.ඕ.ඕ.කේ.අයි.සී ප්‍රභාත් කිලෝග්‍රෑම් 48 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් තරඟාවලියේ දී ලෝකඩ පදක්කම් දිනාගැනීමට සමන්විය.   

තවද, නාවික හමුදා කාන්තා බොක්සිං කණ්ඩායම නියෝජනය කරමින් කාන්තා ගබඩා සහකාර එච්.එම්.එච්.පී ජයකොඩි විසින් කිලෝග්‍රෑම් 71 ට අඩු බර පන්තිය යටතේ එහි රිදී පදක්කම දිනා ගැනීමට සමත් වූ අතර, සාමාන්‍ය කාන්තා නැවි (ලිපිකරු) ආර්.එම්.එස්.එස් රත්නායක විසින් කිලෝග්‍රෑම් 57 ට අඩු බර පන්තිය නියෝජනය කරමින් එහි ලෝකඩ පදක්කම දිනාගැනීමට සමත් විය.


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *