ප්‍රථම වතාවට පෙරපාසැල් ගුරුවරියන්ට මැටි ආශ්‍රිත පුහුණුව අරඹයි
ප්‍රථම වතාවට පෙරපාසල් ගුරුතුමියන්ට මැටි ආශ්‍රිත නිර්මාණ පුහුණුව ප්‍රවීණ මුර්ති හා චිත්‍ර ශිල්පි භරත ලියනගේ මහතා ඇතුළු සෞන්දර්ය විශ්වවිද්‍යාලයීය ගුරුවරුන්ගේ සහභාගිත්වයෙන් අනුරාධපුර ශාන්ත ඇන්ඩෲ පෙර පාසල් පරිශ්‍රයේදී පසුගියදා සිදු විය.
පෙරපාසල් ගුරුවරුන් නිෂ්පාදකයින් බවට පත් කර එම ශක්තිය මත පුංචි ව්‍යවසායකයින් බිහිකිරීම සහ දරුවන්ගේ හසුරු කුසලතා ඔප්නැංවීම මෙහි අරමුණයි. උතුරු මැද පළාත් පූර්ව ළමාවිය සංවර්ධන අධිකාරියේ කළමනාකාර අධ්‍යක්ෂ නිලන්ත ඒකනායක මහතාගේ සංකල්පයකට අනුව මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරිණි.
එහිදී මැටි ආශ්‍රිත භාණ්ඩ මෙන්ම, මැටි ආශ්‍රිතව සිදු කරන ආභරණ නිර්මාණයන් නිෂ්පාදනය සම්බන්ධයෙන් පුහුණුව ලබා දීම සිදු කෙරිණි.
මෙම අවස්ථාවට ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් මහතා හා මහජන බැංකුවේ ප්‍රාදේශීය කළමනාකාර අසිත ධනවලවිතාන හා අලෙවි ප්‍රධාන සිරිමනී මහත්මිය අතුලු අධිකාරියේ නිලධාරින් සහභාගි විය.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

