Latestදේශීය

බියන්විලගේ සේවා කාලය දීර්ඝ කෙරේ

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්ගේ සේවය දීර්ඝ කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇතැයි කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් සඳහන් කරයි.

සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරට එයාර් වයිස් මාර්ෂල් ආර්.එස්. වියන්වල 2013-09-14 දින සිට පත් කර තිබූ අතර එම පත්වීමේ කාල සීමාව 2024-09-13 දිනෙන් අවසන් වී තිබේ. එබැවින් ඔහු 2024-12-31 දින දක්වා සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් තනතුරේ තවදුරටක් සේවයේ යෙදවීම පිණිස ආරක්ෂක ඇමති වශයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක ඉදිරිපත් කළ යෝජනාව සඳහා ඇමති මණ්ඩලයේ අනුමැතිය ලබා දී ඇත.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *