Latestවිදේශීය

ඊලෝන් මස්ක් ට්‍රම්ප්ගේ වේදිකාවට කඩාපනී 

මේ වන විට ලොව ධනවත්ම පුද්ගලයා ලෙස වාර්තා වන ඉලෝන් මස්ක් අමෙරිකාවේ එළඹෙන ජනාධිපතිවරණයේදී ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් සහාය ලබා දීමට ඉදිරිපත් වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කළේය. පසුගියදා පෙනිසිල්වේනියාහි පැවති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ මැතිවරණ ප්‍රචාරක රැලියකට එක්වූ ඉලෝන් මස්ක් ට්‍රම්ප්ගේ කතාව අතරතුර වේදිකාවට කඩාවැදුණු බවත්, ඩොනල්ඩ් ට්‍රම්ප් සතුටින් යුතුව ඔහු වැලඳගත් බවත් විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේය.

අමෙරිකාවේ ප්‍රජාතන්ත්‍රවාදය සුරැකීමේ එකම අපේක්ෂකයා ඩොනල්ඩ් ට්‍රම්ප් බවත්, ඔහු ජයග්‍රහණය නොකළහොත් එය අවසන් මැතිවරණය වනු ඇති බවත් සිය කතාව අතරතුර ඉලෝන් මස්ක් ජනතාවට අනතුරු අඟවා ඇතැයි ද වාර්තා වේ.

@දිනමිණ


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *