Latestදේශීය

කළිඳුගේ යෝකරය හමුවේ හර්ෂගේ විකට්ටුව

පසුගිය ජනාධිපතිවරණය ජයග්‍රහණය සඳහා සජිත් ප්‍රේමදාස පිලට එක් වූ ගෙම්බන් පැනීමේ සංස්කෘතිය නියෝජනය කළ පිරිස සම්බන්ධයෙන් ජනතාවගේ පවතින විරෝධය පරාජයට හේතු වූයේ දැයි නැගුණු ප්‍රශ්නයක් හමුවේ ආචාර්ය හර්ෂ ද සිල්වා දැඩි අසීරුතාවයකට පත් විය.

ඊයේ (07) රාත්‍රියේ විකාශනය වු දෙරණ 360 වැඩ සටහනේදි එලෙසින් අසීරුතාවයකට පත් වෙනු නිරීක්ෂණය විය. එම වැඩ සටහන මෙහෙයවූ කළිඳු කරුණාරත්න කිහිප වරක් ම ප්‍රශ්න කර සිටියේ පිල් මාරු කිරීමේ සංස්කෘතිය ඉදිරියට ගෙන යාම සජිත් ප්‍රේමදාසගේ පරාජයට ප්‍රධාන හේතුවක් වූයේ ද යන්න ය.

එහිදී හර්ෂ ද සිල්වාගේ පිළිතුර වූයේ පාර්ලිමේන්තු මැතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කර තිබෙන අපේක්ෂක ලැයිස්තු වෙනස් කර ඇති බව ය. නමුත් නැවත නැවතත් ප්‍රශ්න කිරීම හමුවේ හර්ෂ ද සිල්වා ප්‍රකාශ කළේ “ඒක යම් කිසි විදිහකට පිළිගැනීම නිසා තමයි ලැයිස්තු වෙනස් වෙන්නේ. සමහරුන්ට නාම යෝජනා ලැබෙන්නේ නෑ.“ යනුවෙන් පැවසීය.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *