ගුණසිරිගේ සේවය වහා අවසන් – සුරාබදු මුල්පුටුවට ජයවීර
දැනට සුරා බදු කොමසාරිස් ජනරාල් වශයෙන් කොන්ත්‍රාත් පදනම මත සේවය කරනු ලබන ජේ.එම් ගුණසිරිගේ සේවය වහාම ක්‍රියාත්මක වන පරිදි අවසන් කර එම ධුරයේ වැඩ බැලීම සඳහා දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු.ඩී.එන් ජයවීර පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ.
ජනාධිපති අනුර කුමාර දිසානායක විසින් මුදල්, ආර්ථික සංවර්ධන, ප්‍රතිපත්ති සම්පාදන, සැලසුම් සහ සංචාරක ඇමති වශයෙන් යොමු කළ කැබිනට් පත්‍රිකාවකින් මෙම පත් කිරීම සිදු කර ඇති අතර දේශීය ආදායම් සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරි යු.ඩී.එන් ජයවීර ජනාධිපති කාර්යාලයේ ජනාධිපති අතිරේක ලේකම් (ආයතන සම්බන්ධීකරණ 11) වශයෙන් දැනට සේවය කරනු ලබයි.
ශ්‍රී ලංකා සුරා බදු දෙපාර්තමේන්තුව රජයේ ප්‍රධානතම ආදායම් එකතු කරන ආයතනයක් වන අතර, එහි කාර්යක්ෂමතාව සහ සෘජු ලෙසම රාජ්‍ය ආදායම කෙරෙහි බලපෑම් ඇති කරනු ලබයි. සුරාබදු දෙපාර්තමේන්තුවේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමේ ප්‍රගතිය නොවෙනස්ව පවත්වා ගනිමින් ඉදිරි අභියෝග සහ අරමුණු සාක්ෂාත් කර ගත හැකි නායකත්වයක් එකී දෙපාර්තමේන්තුවට ලබා දිය යුතුව ඇතැයි රජය අවධාරණය කරයි.
මෙම පත්කිරීම සම්බන්ධයෙන් අද (08) පැවති කැබිනට් මණ්ඩල තීරණ දැනුම් දීමේ අවස්ථාවේදීද කැබිනට් ප්‍රකාශක ඇමති විජිත හේරත් විසින් නිවේදනය කරන ලදී.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

