බිත්තර මිල ඉහළට
බිත්තරයක සිල්ලර මිල යළි ඉහළ ගොස් තිබේ.
පසුගියදා රුපියල් 30ක් දක්වා පහළ ගිය බිත්තරයක මිල යළි රුපියල් 40ට වඩා ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.
ශ්‍රී ලංකා සත්ත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා සඳහන් කළේ, යළි බිත්තර මිල ඉහළ යාමට කරුණු කිහිපයක් බලපා ඇති බවය.
“තොග වෙළෙඳුන් විශාල ප්‍රමාණයක් බිත්තර ගෙනිහින් බිත්තර වික්කා. ඒකෙන් පාරිභෝගිකයින්ට විශාල සහනයක් ලැබුණා. මේ වෙනකොට ඒ නිෂ්පාදන අතිරික්තය වෙළෙඳපොළෙන් ඉවත්වෙලා තියෙනවා. දැනට නිෂ්පාදනය වන දෛනික බිත්තර තමා වෙළෙඳපොළට එන්නේ. නමුත් විශාල වශයෙන් මිල උච්චාවචනය වීමක් වෙලා තියෙනවා. ඒක කෘත්‍රීමව සිදුවෙනවා ද කියලා අපිට ප්‍රශ්නයක්.”
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

