මැතිවරණයට ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක්
මෙවර මහ මැතිවරණය සඳහා ස්වාධීන කණ්ඩායම් සහ දේශපාලන පක්ෂ 33ක් නාමයෝජනා භාර දී තිබේ.
මැතිවරණ කොමිෂන් සභාව පවසන්නේ ඊයේ (08) දිනය අවසන් වන විට දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධින කණ්ඩායම් 16ක් එලෙස නාම යෝජනා භාරදී තිබූ බවය.
මාතලේ, ගාල්ල, මාතර, කුරුණෑගල සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල මැතිවරණ කොට්ඨාස සඳහා ඊයේ දිනය අවසන් වනතෙක් කිසිදු දේශපාලන පක්ෂයක් හෝ ස්වාධීන කණ්ඩායමක් නාමයෝජනා භාර දී නොතිබු බව එම කොමිෂන් සභාව පවසයි.
මහ මැතිවරණය සඳහා නාම යෝජනාභාර ගැනීම ඔක්තෝම්බර් මස 4 වනදා ආරම්භ වූ අතර ලබන 11 වනදා මධ්‍යාහ්න 12.00 දක්වා සිදුකිරීමට නියමිතය.
මේ අතර මහ මැතිවරණයට අදාළ තැපැල් ජන්ද අයඳුම්පත් භාර ගැනීමේ කාලය ලබන 10 වනදා දක්වා දීර්ඝ කර තිබේ.
ඒ සඳහා අයඳුම්පත් භාරගැනීම ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් වීමට නියමිතිව තිබුණි.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

