Latestදේශීය

අනූප පැස්කුවල්ගේ බැංකු ගිණුම් දෙකක් අත්හිටුවයි

හිටපු රාජ්‍ය ඇමති අනූප පස්කුවල්ට අයත් බැංකු ගිණුම් දෙකක් තහනම් කරමින් කොළඹ මහාධිකරණය නියෝගයක් නිකුත් කර තිබේ.

ඒ අල්ලස් කොමිසම විසින් සිදු කරන විමර්ශනයකට අදාළවය.

දූෂණ විරෝධී පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළව හිටපු රාජ්‍ය අමාත්‍යවරයාට අයත් කොග්ගල සහ මතුගම පිහිටි බැංකු ගිණුම් දෙකක් මෙලෙස මාස තුනක කාලයක් සඳහා තහනම් කිරීමට අවශ්‍ය බවට අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් ඊයේ (10) කොළඹ මහාධිකරණය හමුවේ ඉල්ලීමක් කර ඇත.

එම ඉල්ලීම සලකා බැලීමෙන් අනතුරුව කොළඹ මහාධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කර තිබේ.

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *