විශ්‍රාම වැටුප් දෙකේ ජනාධිපතිවරුන්ට අයත් නැති එකම ජනාධිපති චන්ද්‍රිකා
හිටපු ජනාධිපතිවරුන් සහ මැති, ඇමැතිවරුන් මහජන මුදලින් ලබාගෙන තිබූ අතිවිශාල මූල්‍ය වැය බරක් දරන වරප්‍රසාද සම්බන්ධයෙන් බොහෝ තොරතුරු හෙළි වෙමින් පවතී.
අද (11දා) වෙළෙඳපොළට නිකුත් කර තිබෙන ‘අනිද්දා’ පුවත් පතේ ප්‍රධාන ප්‍රවෘත්තියෙන් සහ ඊට අදාළ ලිපියෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි කර තිබේ. එයින් හෙළි කර තිබෙන මූලික කරුණු වන්නේ හිටපු ජනාධිපතිවරුන් ලබා ගන්නා විශ්‍රාම වැටුප් පිළිබඳව ය.
මහින්ද රාජපක්‍ෂ, මෛත්‍රීපාල සිරිසේන, ගෝඨාභය රාජපක්‍ෂ සහ රනිල් වික්‍රමසිංහ යන සිවුදෙනා ම විශ්‍රාම වැටුප් දෙක බැගින් ලබා ගන්නා බව එයින් හෙළි කර තිබේ. නාස්තිකාර වියදම් සම්බන්ධයෙන් පසුගිය කාලයේ වැඩි චෝදනා ප්‍රමාණයක් චන්ද්‍රිකා කුමාරතුංග වෙත ඉදිරිපත් කර තිබුණ ද, සත්‍ය වශයෙන් ම ඇය අනෙක් සියලු ජනාධිපතිවරුන්ට සාපේක්‍ෂව ඉතා අවම වියදම් ප්‍රමාණයක් දරා ඇති බව හෙළි වෙමින් තිබේ. හිටපු ජනාධිපතිනිය ලෙස ලැබෙන විශ්‍රාම වැටුප පමණක් ඇය ලබා ගන්නා බව ද එම පුවත් පතෙන් හෙළි කර ඇත.
@Lanka Truth
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

