Latestක්‍රීඩාදේශීය

ආසියානු ශූරියෝ සිව්වන තරගයත් පරදී

කාන්තා ලෝක කුසලාන 20යි 20 ක්‍රිකට් තරගාවලියේ ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම මුලික වටයේ සහභාගී වු අවසන් තරගයත් පරාජය වන්නට ඊයේ (12) සිදුවුණි.

ඒ නවසීලන්ත හමුවේ කඩුලු 8කින්ය.

සාජා හී පැවති තරගයේ කාසියේ වාසිය දිනාගත් ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පළමුව පන්දුවට පහරදීමට තීරණය කළාය.

ශ්‍රී ලංකා ඉනිම චමරි අතපත්තු සමඟින් විශ්මි ගුණරත්න ඇරඹු අතර ඉනිමේ පළමු කඩුල්ල ලෙස විශ්මි දැවී ගියේ ලකුණු 8ක් ලබාසිටියදීය. 

චමරි අතපත්තු ලකුණු 35ක් සහ හර්ෂිතා සමරවික්‍රම ලකුණු 18ක් රැස්කළාය.

ඒ අනුව, ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 5ක් දැවී ලබාගත් ලකුණු සංඛ්‍යාව 115කි.

ලකුණු 116ක ජයග්‍රාහී ඉලක්කයක් හඹාගිය නවසීලන්ත කාන්තා කණ්ඩායම පන්දුවාර 17 යි පන්දු 3ක් අවසානයේ කඩුලු 2ක් පමණක් දැවී සිය ඉලක්කය පසුකර ගියාය.

නවසීලන්තය ජයග්‍රහණය කරා රැගෙන ගිය ජෝර්ජියා ප්ලිමර් ලකුණු 53යි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *