Latestවිදේශීය

තායිවානය කවදාවත් රටක් වෙන්නේ නැහැ

තායිවානය කවර දිනෙක වත් රටක් නොවන බව චීනය අවධාරණය කරයි.

චීන මහ ‍ගොඩබිම සහ තායිවානය එකිනෙකට අයිති නැති බවත්, තායිවානයට තම ස්වෛරීභාවය තිබෙන බවත්, පසුගිය දා තායිවාන පාලකයා වන Lai Ching-te ප්‍රකාශ කර තිබේ. මේ සම්බන්ධයෙන් චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකා මෞ නිං මහත්මිය පසුගියදා (10) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී අදහස් දක්වුවා ය.

ලෝකයේ ඇත්තේ එකම චීනයක් බවත්, තායිවානය චීන දේශභූමියෙන් වෙන් කළ නොහැකි ‍කොටසක් බවත්, ඇය එහිදී අවධාරණය කළා ය. චීන මහජන සමූහාණ්ඩුව සමස්ත චීනය නියෝජනය කරන එකම නීත්‍යානුකූල රජයයි. තායිවාන පාලකයා කුමක් පැවසුවද කුමක් සිදු කළ ද චීන මහ ගොඩබිම හා තායිවනය චීනයට අයත් වන සත්‍යය ‍විකෘති කළ නොහැකි ය. තායිවාන බෙදුම්වාදයට කිසිදු අනාගතයක් නැතැයි මෞ නිං මහත්මිය පෙන්වා දෙයි. එකම චීනය යනු ජාත්‍යන්තර සම්බන්ධතා පිළිබඳ මූලධර්මයකි. එය ජගත් ප්‍රජාවේ පොදු පිළිගැනීමක් ද වෙයි. තායිවානය රටක් නොවෙයි. තායිවානය කවර දිනෙක වත් රටක් නොවන බව ද චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශිකාව වැඩිදුරටත් සඳහන් කළා ය.

@දිනමිණ

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *