Latestදේශීය

අනුරගේ ජනාධිපතිකමට අභියෝග කර ලොහාන් සැඟවෙයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ මහතා මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට තරග නොකිරීමට තීරණය කර තිබේ.

ඒ අනුව ඔහු මෙවර මැතිවරණයට තරග කිරීමට නාම යෝජනා බාර දී නැත.

ඔහු පසුගිය මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග වැද ජයග්‍රහණය කර රාජ අමාත්‍ය ධුරයක් දරන ලදී.

පසුව ඇතිවූ අරගලයෙන් පසු රනිල් වික්‍රමසිංහ මහතා යටතේද ඔහු අමාත්‍ය ධුරයක් දැරුවේය.

පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී ඔහු ප්‍රසිද්ධියේ කියා සිටියේ තමන් ජීවත්ව සිටින තුරු අනුර දිසානායක මහතාට මෙරට ජනාධිපතිවරයා බවට පත්වීමට ඉඩ නොතබන බවයි.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *