Latestවිදේශීය

ඇමරිකානු “බෝයිං” බරපතල අර්බුදයක

අමෙරිකානු බහුජාතික සමාගමක් වන බෝයිං සමාගමට මුහුණ දීමට සිදුවී ඇති මූල්‍ය ගැටලුවලට පිළියමක් වශයෙන් සිය ශ්‍රම බළකායෙන් සියයට 10ක් කප්පාදු කිරීමට සමාගමේ බලධාරීන් තීරණය කර තිබේ.

ඒ, සමාගමේ විධායක ශ්‍රේණියේ නිලධාරීන්, කළමනාකරුවන්  ඇතුළු 17,000කගේ පමණ රැකියා අහිමිවීමේ අවධානමක් උද්ගත කරමිනි.

මේ අතර සමාගමේ නවතම නිපැයුම වන ලොව විශාලතම මෙන්ම වඩාත් ඵලදායී ජෙට් යානය ලෙස සැලකෙන   777X ජෙට් යානය නිකුත් කිරීම කල් දැමීමටත් සමාගම පියවර ගෙන තිබේ.

මේ අතර, බෝයිං සමාගමේ වෙළෙඳපොළ කොටස් ද සියයට 2.12කින් පහත වැටී ඇතැයි සඳහන් ය.

@sinhala.adaderana.lk


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *