කළු ගඟ පිටාර මට්ටමේ – ගංවතුර අවධානමක්
අධික වර්ෂාපතනය නිසා කළු ගඟේ ජල මට්ටම රත්නපුර ජල මාපකයට අනුව ගංවතුර අනතුරු ඇඟවීමේ මට්ටමට ළඟා වී ඇතැයි රත්නපුර වාරිමාර්ග කාර්යාලය සහ රත්නපුර ප්රාදේශීය ලේකම් කාර්යාලය පවසයි.
ඊයේ (11) උදැසන 10.30 වන විට කළු ගඟේ ජල මට්ටම මීටර් පහයි දශම තුන දක්වා ඉහළ ගොස් තිබේ.
කළු ගඟේ ජල මට්ටම මීටර් පහයි දශම දෙක ඉක්මවා ගිය විට ගංවතුර අවදානම් මට්ටමට ළඟා වේ.
තවදුරටත් වර්ෂාපතනය ලැඹුණ හොත් රත්නපුර ප්රදේශයට සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව රත්නපුර වාරිමාර්ග කාර්යාලයේ නිලධාරියකු පැවසීය.
පවතින අධික වර්ෂාපතනය නිසා අව්ස්සාවේල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ අවිස්සාවේල්ල සහ ඇහැලියගොඩ අතර ස්ථාන කිපයක් ජලයෙන් යටවී තිබුණි.
@දිනමිණ
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

