Latestදේශීය

ජොන්ස්ටන් ලෙඩවෙයි

තමන් අසනීප තත්ත්වයක පසුවන නිසා ප්‍රකාශයක් ලබා දීමට වෙනත් දිනයක පැමිණෙන බව හිටපු ඇමැති ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දෙනුම් දී තිබේ.

නීති විරෝධ එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් භාවිතා කලේ යැයි එල්ලවී ඇති චෝදනා සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයට අදාළව ප‍්‍රකාශයක් ලබා ගැනීමට ඔහු මෙසේ රහස් පොලිසියට කැඳවා තිබිණ.

කෙසේ වෙතත් තමන්ට වෙනත් දිනයක් ඒ සඳහා ලබා දෙන ලෙසද ඔහු තම නීතිඥවරුන් මාර්ගයෙන් රහස් පොලිසියෙන් ඉල්ලා තිබිණි.

මේ වන විට ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතාට විදෙස් ගමන් තහනමක් අධිකරණය විසින් පනවා තිබේ.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *