මහ මැතිවරණයට කණ්ඩායම් 690ක් තරග බිමට
2024 මහ මැතිවරණය සඳහා මැතිවරණ දිස්ත්‍රික්ක 22 සඳහා කණ්ඩායම් 690ක් තරග කිරීමට නියමිත බව මැතිවරණ කොමිසම පවසයි.
මාධ්‍ය අමතමින් මැතිවරණ කොමසාරිස් ජනරාල් සමන් ශ්‍රී රත්නායක මහතා පැවසුවේ නාමයෝජනා 74ක් ප්‍රතික්ෂේප වී ඇති බවයි.
යම් අසාධාරණයක් වී ඇතැයි හැඟේ නම් එම කණ්ඩායම් වලට අධිකරණයට යා හැකි බවද රත්නායක මහතා පැවසීය.
වැඩිම දේශපාලන කණ්ඩායම ගණනක් තරග කරනු ලබන්නේ දිගාමඩුල්ල මැතිවරණ කොට්ඨාසය සඳහා ය. එය 64කි.
අවම කණ්ඩායම් ගණනක් තරග කරනු ලබන්නේ මොනරාගල සහ පොළොන්නරුව මැතිවරණ දිස්ත්‍රික්ක සඳහා වන අතර ඒ සඳහා කණ්ඩායම් 15 බැගින් තරග කරයි.
2024 මහ මැතිවරණය සඳහා නාමයෝජනා භාරදීම ඊයේ (11) දහවල් 12ට අවසන් විය.
මනාප අංක ඉදිරියේදී ලබාදීමට නියමිත බවද රත්නායක මහතා පැවසීය.
@sinhala.adaderana.lk
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

