Latestදේශීය

විදෙස් රටවල සැඟවූ ඩොලර් සොයා පරීක්ෂණ අරඹයි

විදේශ රටවල්වල විශාල වශයෙන් මුදල් තැන්පත් කර ඇතැයි පැවසෙන දේශපාලඥයන් සහ රාජ්‍ය නිලධාරීන් 13 දෙනෙකු සම්බන්ධයෙන් රාජ්‍ය බුද්ධි අංශ විසින් විමර්ශනයක් ආරම්භ කර තිබේ.

විදේශයන්හි බැංකු හා මුල්‍ය ආයතනවල කෝටි ප්‍රකෝටි ගණන් ඔවුන් විසින් මුදල් සගවා ඇතැයි දිගු කලක සිට චෝදනා එල්ල වෙයි.

මෙම මුදල් සම්බන්ධයෙන් පරීක්ෂණ කිරීම ඉතා දුෂ්කර කටයුත්තක් වුවත් ඒ සඳහා සූක්ෂම ලෙස ක්‍රියාත්මක වෙමින් ඇති බවද දැනගන්නට තිබේ.

මේ ආකාරයෙන් සැඟ වූ ධනය සම්බන්ධයෙන් තොරතුරු දන්නා පුද්ගලයන්ගෙන් තොරතුරු ලබාගැනීම සඳහාද කටයුතු සූදානම් වෙමින් ඇතැයිද වාර්තා වේ.

මෙරට ධනය විදේශයන්හි හොර රහසේ සඟවා ඇති පුද්ගලයන්ගේ මුදල් ආපසු මෙරටට ගෙන්වා ගැනෙන බව පසුගිය ජනාධිපතිවරණ වේදිකාවල ප්‍රධාන සටන් පාඨයක් විය.

@Lanka C News


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *