Latestදේශීයනවතම ලිපි

කාන්තන්කුඩි සිට පාපැදියෙන් අග්‍රාමාත්‍ය කාර්යාලයට පැමිණ ෆාතිමා නඩා කළ ඉල්ලීම

කාත්තන්කුඩියේ සිට කොළඹට පාපැදියෙන් පැමිණි 14 හැවිරිදි ෆාතිමා නඩා  සිසුවිය අද (14) පෙරවරුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය වෙත සංදේශයක් භාරදි තිබෙනවා. 

ළමුන් සහ තරුණ පරපුර පීඩාවට පත්කර ඇති මත්ද්‍රව්‍ය අර්බුදයට එරෙහිව සහ ළමා අපයෝජන වැළැක්වීමට කඩිනම් පියවර ගන්නා ලෙස ඉල්ලමින් ඇය මෙම සංදේශය භාරදී ඇති අතර අග්‍රාමාත්‍යවරිය සමග සුහද පිළිසදරකද යෙදී තිබෙනවා.

ජනාධිපති අනුර කුමාර දිසානායක වෙත සංදේශයක් බාර දීම සදහා පසුගිය 07 වෙනිදා ඇය කාන්තන්කුඩි සිට පාපැදියෙන් ගමන් ඇරඹුවා. පොළොන්නරුව , කුරුණෑගල හරහා ගමන් කරමින් ඇය අද කොළඹ පිහිටි අග්‍රාමාත්‍ය කාර්යාලයේදී මෙම සන්දේශය අගමැති හරිනි අමරසූරිය වෙත පිළිගන්වනු ලැබුවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *